FAST NEWS

24×7 Around the Globe

තිරිමාන්නට දුන් නායකත්වය හා ධනංජයගේ අනාගතය ගැන ගුරුසිංහගෙන් ප්‍රකාශයක්..

පාකිස්තාන තරගාවලියට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ උපනායකත්වයට ළහිරු තිරිමාන්න නම් කළේ ඉදිරි අනාගතය දෙස බලා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහ මහතා එම තරගාවලියට පිටත්ව යෑමට (24) පෙරාතුව මාධ්‍ය වෙත සඳහන් කළේය.

“කණ්ඩායම නම් කිරීමේදී අපි ඉදිරි අනාගතය දෙස අවධානය යොමු කළා. අනාගත සැලසුම මොකක්ද කියා ඉදිරි දිනයකදී නව තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්රෝයි අදහස් ප්‍රකාශ කරාවි. ඇත්තටම තිරිමාන්න කියන්නේ වඩාත් පළපුරුදු ක්‍රීඩකයෙක්. ඔහු ටික කලක් කණ්ඩායමේ නොසිටියත්, දැන් නැවත කණ්ඩායමට නම් වී ඉන්නේ. ඔහු දැන් ලකුණු අතරට ඇවිත්. නිමා වූ ඉන්දීය එක්දින තරගාවලියේ අර්ධ ශතක 02 ක් ලැබුවේ තරග 03 ක් ඇතුළත.විශේෂයෙන් කණ්ඩායමට මීට පෙර උපනායකයකු පත් නොකරත්, ක්‍රීඩා කරනු ලැබුවා. ඒ නිසා ඉදිරි වසර 2-4 කාලය අපි බැලුවා”

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ටෙස්ට් සංචිතයට නම් නොවූ ධනංජය ද සිල්වා ගැන ද සඳහන් මෙහිදි සඳහන් කළේය.

“ඔහු ඉතා දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු කණ්ඩායමට නම් නොවූවා කියා අමතක කරන්නේ නැහැ. විශේෂයෙන් එළඹෙන ශ්‍රී ලංකා “ඒ” පි‍ලේ කොදෙව් තරග සංචාරය ඔහුට වැදගත් වේවි, තවදුරටත් විශ්වාසය ගොඩනගා ගැනීමට. එළඹෙන මාස හය ඇතුළත ඔහු ජාතික පි‍ලේ ස්ථානයක් ලබා ගනිවී”

(DE සිල්වා)