FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය නළු දසුන් නිෂාන් ද සිල්වා ගෙල වැලළාගෙන සිය දිවි හානිකරගනී..

ජනප්‍රිය රංගන ශිල්පී වගේම නිරූපණ ශිල්පී දසුන් නිශාන් පුද්ගලික හේතුවක් මත මීට පැය දෙකකට පෙර ගෙළවැලලාගෙන මිය ගොස් තිබේ.

බොහෝ රූප රචනා සදහා නිරූපනයෙන් දායක වූ මොහු ජනතාවගේ ආදරය දිනා ගත් නිරූපණ ශිල්පියෙකි.

පන්නිපිටියේ නවතැන්පොලක සිට රංගන කටයුතු සදහා යොමු වූ දසුන් මිය ගොස් ඇත්තේ එම කාමරයේදී බවත් ඔහුගේ පවුලේ කිසිවෙක් ඔහු මිය යන විට ළග සිට නැති බවත් සදහන්ය.

මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මරණයට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.