ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම් හිටපු ක්‍රීඩකයන් වරින් වර විවිධ ප්‍රකාශ කරමින් තමන් ඇතුළු සහෝදර ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය බිඳ දමන බවත් ඔවුන්ගේ අභූත චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසත් ඉල්ලා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් සහ එක්දින නායක උපුල් තරංග විසින් ක්‍රිකට් ආයතනය වෙත බාරදුන් ලිපිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම මාධ්‍ය නිවේදනය මෙසේය.
අදිසි හස්ත මගින් අස්වාභාවික ලෙස තරගවල ස්වභාවය වෙනස් කිරීමක් පිළිබඳව හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක හා තේරීම් කමිටු සාමාජික ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා විසින් ප්‍රකට රූපවාහිනී නාලිකාවකට කරන ලද ප්‍රකාශය පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක, උප නායක ඇතුළු ගිවිසුම්ගත ක්‍රීඩකයන් 40 දෙනෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇත.
සැප්තැම්බර් 08 වැනි දින රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය වූ වැඩ සටහනකට සම්බන්ධ වෙමින් කරන ලද ප්‍රකාශ නවයක් පිළිබඳ කරුණු දක්වන ක්‍රිකට් ක්‍රීඩකයෝ ඔහුගේ ප්‍රකාශය තුළින් තමන් බලවත් කම්පනයට ලක්වූ බවත් එමගින් සාමාන්‍ය ජනතාව හා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ඉමහත් අවිශ්වාසයක් හා කණස්සල්ලක් ඇති කෙරෙන බවත් පවසති.
ශ්‍රී ලංකා ධජය යටතේ ක්‍රීඩා කරන සෑම අවස්ථාවකම තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස 200 % ක්ම කැපවීමෙන් කටයුතු කරන අතර තමන්ගේ පවුලේ අය සමග ගත කරන කාලයද කැපකරමින් මව්බිම වෙනුවෙන් ක්‍රිඩා කරන විට අස්භාවික ලෙස හෝ අදිසි හස්තවල බලපෑමකට යටත්ව රටට ජයග්‍රහණයක් අහිමි කිරීමට පෙළඹේ යැයි කිසිවකු සිතීම විමතියට කරුණක් බවත් ඔවුහු පවසති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස සාමුහික වශයෙන් මෙම අභූත චෝදනා ප්‍රතික්ෂේප කරන ක්‍රීඩකයෝ ඒ සම්බන්ධයෙන් කඩිනමින් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කැඳවා එම චෝදනා පිළිබඳව කරුණු විමසන ලෙසත් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටිති.
එවැනි ඕනෑම පරීක්ෂණයකට ක්‍රිකට් ක්‍රීඩකයින් ලෙස තමන් සියලුදෙනා උපරිම සහයෝගය ලබාදෙන බවට ප්‍රතිඥා දෙන මෙම ක්‍රීඩකයෝ මින් ඉදිරියටද ක්‍රිකට් ක්‍රීඩාවට වගකිවයුතු හා ඍජුවම සම්බන්ධ පුද්ගලයින් ක්‍රීඩකයින් කෙරෙහි චෝදනා එල්ල කළ සැණින් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන ලෙසද මෙම ලිපිය මගින් ඉල්ලා ඇත.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.