FAST NEWS

24×7 Around the Globe

කණ්ඩායමේ සුදානම හා දික්වැල්ලගේ තැන ගැනීම ගැන චන්දිමාල් කියයි..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානය සමග තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා කණ්ඩායම වඩාත් හොඳ සූදානමකින් මෙවර ඉදිරිපත් වන බව ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ඊයේ (21) මාධ්‍ය අමතමීන් සඳහන් කළේය.

“ඇත්තටම දිවා රාත්‍රී ටෙස්ට් තරගය අපිට ලොකු අභියෝගයක්. රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කරන මෙම තරගය සඳහා අපේ ක්‍රීඩකයන් සූදානම් වීමේ දී අපට මීට පෙර දේශීය තරගාවලියේදී ද යම් අත්දැකීමක් රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කර ලබා තිබිම වැදගත්. ඒ වගේම අපේ කණ්ඩායමේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කීප දෙනෙක් සමග දක්ෂ යොවුන් ක්‍රීඩකයන් ද එක්ව ඇති නිසා අපි ලොකු විශ්වාසයකින් තරග වදින්නේ”

කෙසේ වුණත් පළපුරුදු ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් අවසන් මොහොතේ දී ආබාධයක් නිසා කණ්ඩායමෙන් ඉවත්වීම ලොකු අවාසනාවක් බව චන්දිමාල් පවසයි.

විශේෂයෙන් ටෙස්ට් තරගවල කඩුලු රැකීමේ කාර්යය සිදු කරන්නේ නිරෝෂන් දික්වැල්ල. ඒත් කණ්ඩායමේ සංයුතිය අනුව අවශ්‍යතාවක් ඇති වුවහොත් කඩුලු රැකීම සඳහා ද තමා සූදානම් බව චන්දිමාල් පැවසීය.

(DE සිල්වා)