FAST NEWS

24×7 Around the Globe

කලාව නිසා මංගල මුද්දත් සින්න වුණා..

කලා ලොවේ දක්ෂ නළුවකු වන මහේන්ද්‍ර පෙරේරා සමගින් සිදු කරනු ලැබූ සාකච්ඡාවකදී ඔහු මෙතෙක් ආ ගමන් මග පිළිබදව සිහිපත් කරන ලද්දේ පහත පරිදි අදහස් දැක්වීමෙනි..

“අද මේ තැනට එන්න පුදුම දුකක් වින්දා. පුදුම කට්ටක් කෑවා. එහෙම නැතිව මේක මල් ඇතිරූ මාවත දිගේ ආපු ගමනක් නෙමේ. අදටත් මගේ අතේ මගේ මංගල මුද්ද නෑ. කලාව නිසා ඒකත් උගස් තියලා අන්තිමට ඒකත් සින්න වුණා. කාලයක් ආසාවෙන් හිටියා අපේ කලාකරුවන්ට කලාකාරියන්ට එකතුවෙන්න. නාට්‍යයක් පුරැදු පුහුණු වෙන්න, චිත්‍රපටයක් බලන්න, කතාබහ කරන්න, යමක් ඉගෙන ගන්න තැනක් හදන්න. නමුත් ඒවා හීන විතරක්ම වුණා. ඉතින් පුළුවන් විදිහට මේ ක්ෂේත්‍රයේ ඉඳලා පුළුවන් යමක් කරලා දවසක මේ පොළොවේ වැළලිලා යාවි…”