FAST NEWS

24×7 Around the Globe

මලාලා යූසොෆ්සායි හා ප්‍රියංකා චොප්රා හමුවෙයි..

නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූ පාකිස්තාන ජාතික මලාලා යූසොෆ්සායි ට එක්සත් ජාතීන්ගේ 72 වැනි මහ සමුළුවට සමගාමීව පසුගිය දා බොලිවුඩ් සුරූපී නිළි ප්‍රියංකා චොප්රා හමුවීමට අවස්ථාවක් ලැබී ඇති බව වාර්තා විය.

තමා සැමවිටම ආදරය කරන නිළියක වන ප්‍රියංකා හමුවන්න ලැබීම සැබැවින්ම සතුටට කාරණාවක් යැයි සිය ට්විටර් වෙබ් ගිණුම ඔස්සේ ඡායාරූප පළ කරමින් මලාලා සටහනක් යොදා ඇති අතර ඊට පිළිතුරු දෙමින් ප්‍රියංකා ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් යොදා ඇත්තේ ‘මලාලා මට වචන නෑ. ඔයා හමුවන්න ලැබීම මට ලොකු සතුටක්. ඔයා ගැන මට හුඟක් ආඩම්බරයි’ කියාය.

බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන මානව ක්‍රියාකාරිනියක ද වන මලාලා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරියක වන අතර ‘මලාලා පදනම’ යන නමින් බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් ඇයගේ මැදිහත් වීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය පදනමක්ද පිහිටුවා ඇත.

එසේම 35 හැවිරිදි ප්‍රියංකා චොප්රා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානයේ තානාපතිවරියක ලෙස කටයුතු කරයි.

(එන්.ඩී.ටීවී.)

C.රොද්‍රීගු