FAST NEWS

24×7 Around the Globe

සල්මාන් ඛාන්ගේ නර්තන ප්‍රසංගයක් එංගලන්තයේ පැවැත්වීමට නියමිතයි..

බොලිවුඩ් සුපිරි නළු සල්මාන් ඛාන්ගේ නර්තන ප්‍රසංගයක් එළැඹෙන සති අන්තයේදී එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

‘ඩබාන්ග් – ද ටුවර්’ ලෙස නම් කර ඇති මෙම නර්තන ප්‍රසංගය සඳහා සල්මාන් සමගින් ඔහුගේ සොහොයුරු සොහේල් ඛාන්, සොනක්ෂි සින්හා, ප්‍රභු දේවා, ඩේෂි ෂා, සරෝජ් පංචාලි, ජැකලින් ෆර්නැන්ඩේස් හා යොවුන් ගායක කමල් ඛාන් හා රැප් ගායක බද්ශා එක්ව සිටින බව සදහන්ය.

එසේම සල්මාන් වසර 12කට පසුව එංගලන්තයේදී මෙවැනි ප්‍රසංගයක් පැවැත්වීම විශේෂත්වයකි.