FAST NEWS

24×7 Around the Globe

පාකිස්තානයේදී ක්‍රීඩා කිරීම ගැන තීන්දුව තරගාවලිය අතරතුර..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ ලහොර්හිදී විස්සයි 20 තරගයට ක්‍රීඩා කිරීම පිළිබඳව වන තීරණය ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර මැදපෙරදිගදි ආරම්භවීමට නියමිත ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තරගාවලිය ක්‍රියාත්මක වෙන අතර තුරදී ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ඈශ්ලිද සිල්වා මහතා අද (21) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එසේම පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳව සෑහීමකට පත්විය නොහැකිවුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට යොමු නොකරන බවත් ඔහු පැවැසීය.

” ආරක්ෂක තත්ත්වය තරගාවලිය ක්‍රියාත්මක වන අතරතුළදී තක්සේරු කර තීරණයක් ගන්නවා. ඒ වගේම අපි ශ්‍රී ලංකාවේ ආරක්ෂක නිලධාරියෙකු පාකිස්තානයට යොමුකරනවා. තරගය පැවැත්වීමට සති දෙකකට පෙර අපේ ආරක්ෂක නිලධාරියෙක් පාකිස්තානයට යොමුකරනවා” යැයි ඔහු සඳහන් කළේය.

2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමෙන් පසුව මේ දක්වා ශ්‍රී ලංකාව පාකිස්තානයේ තරගයකට ක්‍රීඩා කර නොමැත.

(DE සිල්වා)