FAST NEWS

24×7 Around the Globe

ආචාර්ය මනෝරත්නයන්ගේ ‘ගුරු තරුව’ හෙට පොල්ගහවෙලදී..

ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ‘ගුරු තරුව’ වේදිකා නාට්‍යය හෙට (22) 2.30 හා 07.00 පොල්ගහවෙල නගර ශාලාවේදී වේදිකාගත වීමට නියමීතය.

පොල්ගහවෙල කු/ශාන්ත බර්නාදෙත් ආදර්ශ මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මඟින් මෙය සංවිධානය කර තිබේ.

ගුරුතරුවෙහි රංගන දායකත්වය ජයලත් මනෝරත්න, රත්නා ලාලිනි, නිමල් ජයසිංහ, ලාල් කුලරත්න, දයාදේව එදිරිසිංහ, සම්පත් තෙන්නකෝන්, සරත් චන්ද්‍රසිරි, ඉෂාර වික්‍රමසිංහ, ඉන්දික ජයසිංහ, ජගත් බෙනරගම, සෝමපාල පතිරගේ, නිශ්ශංක ගුණසුමන, ජගත් පත්මසිරි ගෙනි. සංගීතය රංජිත් බාලසූරිය විසිනි.

(DE සිල්වා)