FAST NEWS

24×7 Around the Globe

පළමු එක්දින තරගයේ ජය ඉන්දීයාවට..

සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග ඊයේ (17) පැවති පළමු එක්දින තරගය ලකුණූ 26 (ඩක්වත් ලුවිස් න්‍යාය) කින් ජය ගැනීමට සත්කාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම කඩුළු 07 ක් දැවී ලකුණු 281ක් ලබාගැනීමට සමත් විය.

ඕස්ට්‍රේලියාවේ පිළිතුරු ඉනිමට වර්ෂාවෙන් බාධා එල්ල වුණු අතර එ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා පන්දුවාර 21ක් තුළ ලකුණු 164 ක ඉල්ලක්කයන් ඔවුන්ට හිමී විය.

කෙසේ වෙතත් සිය පන්දුවාර 21 අවසානයේ ඔස්ටට්‍රේලියා කණ්ඩායම ලබා ගත් හැකි වුයේ කඩුළු 09 ක් දැවී ලකුණූ 137 ක් පමණී.

එක්දින තරග පහකින් සමන්විත මෙම තරගාවලියේ දෙරට අතර දෙවන තරගය ලබන 21 වනදා කොල්කටා හිදී පැවැත්වීමට නියමිතයි.

(DE සිල්වා)