FAST NEWS

24×7 Around the Globe

‘බාද්ෂෝ’ දින 9ක් තුල ‘ජබ් හැරී මේට් සේජල්’ චිත්‍රපටය ඉපැයූ ආදායම පසු කරයි..

අජේ දේව්ගන් ප්‍රධාන චරිත නිරූපණය කරන ‘බාද්ෂෝ’ චිත්‍රපටය දින නමයකින් ෂාරුක් හා අනුෂ්කා රංගනයෙන් දායක වූ ‘ජබ් හැරී මේට් සේජල්’ චිත්‍රපටය උපයා ගෙන තිබූ ආදායම පසුකර යන්නට සමත්ව තිබෙන බව වාර්තා වේ.

අජේ දේව්ගන් සමගින්, ඉලේනා ඩී ක_ස්, එම්රාන් හෂිම්, විද්‍යුත් ජමාල්, ඊශා ගුප්තා මෙම ‘බාද්ෂෝ’ මෙහි රංගනයෙන් දායක වී සිටිති.

සිනමා විචාරකයන් පවසන්නේ ‘බාද්ෂෝ’ චිත්‍රපටය පහසුවෙන්ම ඉන්දීය රුපියල් කෝටි 100 ක ආදායමක් උපයාගනු ඇති බවත් වෙනස්ම ආරේ කතා පුවතක් රැගත් ‘බාද්ෂෝ’ ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වූවක් වන බවත්ය.

පසුගිය සති අන්තය වනවිට මෙම චිත්‍රපටය ඉන්දියාවේ පමණක් උපයා ගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 67ක මුදලක් වන අතර ‘ජබ් හැරි මෙට් සේජල්’ චිත්‍රපටය තිරගත වූ කාලසීමාවේදී උපයාගනු ලැබුවේ ඉන්දීය රුපියල් කෝටි 63ක මුදලකි.