FAST NEWS

24×7 Around the Globe

සමුගැනීමට පෙර කුමාර් සංගක්කාරගෙන් විශිෂ්ට ශතකයක්..

එංගලන්ත පළමු පෙළ සිව්දින තරගාවලියේ යෝක්ෂයර් කණ්ඩායමට සමග 12 දා ආරම්භ වූ තරගයේදී පන්දු 187 කදී විශිෂ්ට ලකුණු 164 ක් රැස්කිරීමට සරේ කණ්ඩායම නියෝජනය කරන කුමාර් සංගක්කාර සමත් විය.

එම ඉනිමට හතරේ පහර 21ක් හා හයේ පහර 03 ඇතුළත්ය විය.

එ අනුව පළමු ඉනිම ක්‍රීඩා කළ සරේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 592ක් රැස් කර ගැනීමට සමත්වු අතර සිය පළමු ඉනිම ක්‍රීඩා කරන යොක්ෂයර් කණ්ඩායම දෙවැනි දිනය අවසානයේදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 171 ක් ලබා සිටියි.

ශ්‍රී ලංකාව නියෝජය කර ජාත්‍යන්තර ක්‍රීඩාපිටියෙන් සමුගත් ඔහු මෙම තරගාවලියෙන් අනතුරුව පළමු පෙළ තරගවලින්ද විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

(DE සිල්වා)