FAST NEWS

24×7 Around the Globe

තිසරගේ පිත්තෙන් හා පන්දුවෙන් ලෝක කණ්ඩායමට විශිෂ්ට ජයක්..

සංචාර ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම අතර ඊයේ (13) පාකිස්ථානයේ ලාහෝර්හිදී පැවති දෙවන විස්සයි විස්ස තරඟයෙන් කඩුළු 07ක ජයක් හිමිකර ගැනීමට ලෝක කණ්ඩායම සමත්ව විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළුලු 06 ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තේය.

පාකිස්ථාන ඉනිම වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 45ක් සහ අහමඩ් ෂෙෂාඩ් ලකුණු 43ක් ලබාගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී තිසර පෙරේරා සහ සැමුවෙල් බඩ්රිව කඩුලු 02 බැගින් බිඳ හෙළිය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ලෝක කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුලු 03ක් පමණක් දැවී සිය ජයග්‍රාහි ඉල්ලක්ය පසුකර යැමට සමත් විය.

මෙහිදි ලෝක කණ්ඩායම වෙනුවෙන් හෂිම් අම්ලා නොදැවී ලකුණු 72ක් සහ තිසර පෙරේරා නොදැවී ලකුණු 47ක් ලබා ගැනීමට සමත් විය.

එ අනුව තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ 01 – 01 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවෙයි.

(DE සිල්වා)