දකුණු හා නැඟෙනහිර ආසියානු රටවල සෞඛ්‍ය ඇමැතිවරුන්ගේ සමුළුවේදී එම කලාපයෙන් සෙංගමාල රෝගය තුරන් කිරීම සඳහා මිතුරු තානාපති ධුරයට ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන් පත්කර ගෙන ඇති බව වාර්තා වේ.
එම සමුළුව මාලදිවයිනේදී ඉකුත්දා පැවැත්වුණ අතර අමිතාබ් බච්චන් එම මිතුරු තානාපති ධුරයට පත්කර ගැනීම දකුණු හා නැඟෙනහිර ආසියා රටවල සෞඛ්‍ය ඇමැතිවරුන්ගේ සමුළුවේ හිටපු සභාපතිවරයා වූ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්නගේද ඇගැයීමට ලක්ව ඇත.









