FAST NEWS

24×7 Around the Globe

ලෝක කණ්ඩායම එරෙහිව පාකිස්තානය ලකුණු 20 ක ජයක් ලබයි..

සංචාරක ලෝක ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ලකුණු 20 ක ජයක් ලැබීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ (12) සමත් විය.

පාකිස්ථානයේ ලාහෝර් නුවර පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකරගත් ලෝක කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්ථාන කණ්ඩායමට ලබා දුන්නේය.

ඒ අනුව ඔවුන් සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු පහක් දැවී ලකුණු 197ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ලෝක කණ්ඩායමට සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 177ක් පමණි.

(DE සිල්වා)