FAST NEWS

24×7 Around the Globe

හොංකොංහි ‘දංගල්‘ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 11.5ක් උපයයි..

ඉහළම ආදායමක් ඉපෑයූ ඉන්දීය චිත්‍රපටය ලෙස සිනමා ඉතිහාසයට එක්ව ඇති අමීර් ඛාන්ගේ ‘දංගල්‘ චිත්‍රපටය මේ දිනවල හොංකොංහිද ප්‍රදර්ශනය වෙමින් පවතින බවත් හොංකොං චිත්‍රපටද අභිභවා මේ වනවිට එහි බොක්ස් ඔෆිස් චිත්‍රපට අතරට ‘දංගල්‘ චිත්‍රපටය එක්ව තිබෙන බව වාර්තා වේ.

වාර්තා වන අන්දමට හොංකොංහි ‘දංගල්‘ චිත්‍රපටය උපයාගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 11.5ක් වන අතර එය හොංකොංහි තිරගත වූ ඉන්දීය චිත්‍රපටයක් උපයාගත් ඉහළම ආදායම බවද සදහන්ය.

මේ අනුව ‘දංගල්‘ චිත්‍රපටයේ උපයා ගැනීම ඉන්දීය රුපියල් කෝටි 2000ට ආසන්න වෙමින් පවතින බව වාර්තා වේ.