බංගලාදේශ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ සිය තනතුර අතහැරීමට සුදානමින් සිටින බවට බංගලාදේශ ක්‍රිකට් වෙබ් අඩවියක් වන bdcrictime.com ප්‍රවෘත්තියක් පළකර තිබේ.
“Hathurusingha got very close to resignation! ලෙස එම පුවත වාර්තා කර ඇති අතර, චම්පක රාමනායක බංගලාදේශ වේග පන්දු පුහුණුකරු ලෙස වැඩ බාර ගැනීමත් සමඟම 2019 දක්වා බංගලාදේශය සමඟ ගිවිසුම්ගතව සිටින හතුරුසිංහ ඉල්ලා අස්විමේ නැඹුරුවක් වාර්තා වන බව එම වෙබ් අඩේවිය සඳහන් කරයි.
කෙසේ වෙතත් හතුරුසිංහ තමන් සමඟ ඇති කරගත් ගිවිසුම කඩ නොකරනු ඇති බවට දැඩි විශ්වාසයක් ඇති බව බංගලාදේශ ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශ කර ඇති බවද bdcrictime.com වාර්තා කර ඇත.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා එක්වීම සඳහා හතුරුසිංහ මෙම තීරණය තුලින් ගම්‍යවන බවද, බංගලාදේශ බළධාරීන් ඔහුව රඳවා ගැනීමට උත්සාහයක නිරත වන බවත් එම වෙබ් අඩේවිය වැඩි දුරටත් වාර්තා කර තිබේ.
(DE සිල්වා)









