FAST NEWS

24×7 Around the Globe

විලියම් – කේට් තුන් වෙනි දරු උපත බලාපොරොත්තුවෙන්..

බ්‍රිතාන්‍යයේ විලියම් කුමරු (කේම්බ්‍රිජ් හි ආදිපාදයා) සහ කේට් කුමරිය (කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය) සිය තුන් වෙනි දරු උපත බලාපොරොත්තුවෙන් සිටින බව කෙන්සින්ටන් මාලිගය නිවේදනය කළේය.

එම පුවත පිළිබඳව එලිසබෙත් රැජින ඇතුළු පවුලේ සියලු දෙනා “මහත් ප්‍රීතියට පත් වූ” බව ද වාර්තා වේ.

සිය පළමු දරු උපත් දෙකේදී මෙන්ම දරුවා පිළිසිඳ ගැනීමත් සමග 35 හැවිරිදි කේට් කුමරිය අසනීප තත්වයෙන් පෙළෙමින් සිටින බවත් කෙන්සින්ටන් මාලිගයේ ඇය විවේක සුවයෙන් පසුවන බවත් නිවේදනයේ සඳහන්ය.

(බීබීසී සංදේශය)