FAST NEWS

24×7 Around the Globe

ජපානයේ මාකෝ කුමරියට විවාහ ගිවිසගැනීම සදහා අවසරය හිමිවෙයි..

ජපානයේ මාකෝ කුමරියට විවාහ ගිවිසගැනීම සඳහා අකිහිතෝ අධිරාජයාගේ අවසරය හිමිව ඇති බව වාර්තා වන අතර ඒ අනුව ඇය විවාහ ගිවිසගැනීමත් සමග රාජකීයත්වය අහිමි වනු ඇති.

ජපාන අධිරාජයාගේ මිනිබිරියක් වන ඇය, විවාහවීමට නියමිතව ඇත්තේ එරට සාමාන්‍ය පුරවැසියෙකු සමගින් වන අතර ඔහු 25 හැවිරිදි වියේ පසුවන නීතීඥවරයෙක් බව ආරංචිමාර්ග පවසයි.

එරට රාජකීය පවුලක කාන්තාවක් සාමාන්‍ය පුද්ගලයෙකු සමග විවාහ වීමෙන් පසු රාජකීයත්වය අහිමිවීම එරට නීතිය වන අතර විදෙස් වාර්තා සඳහන් කළේ එය රාජකීය පවුලේ පිරිමි පුද්ගලයින්ට බල නොපාන බවයි.