සත්කාරක ශ්‍රී ලංකාව සමග පැවැති තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය අතර තරඟ 05 – 00 ට ලෙස ජය ගැනීමට සංචාරකඉන්දීය කණ්ඩායම ඊයේ (03) සමත් විය.
ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවති අවසන් එක්දින තරඟය කඩුලු 06 කින් ජය ගැනීමත් සමගය.
කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දී පන්දු වාර 49යි පන්දු 04ක් තුළ සියලු දෙනා දැවී ලකුණු සංඛ්‍යාව 238ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සංචාරක ඉන්දීය කණ්ඩායම පන්දුවාර 46 යි පන්දු 03 ක් අවසානයේ කඩුළු 04 ක් පමණක් දැවි සිය ජයග්‍රාහී ඉලක්කය සුපරා ගැනීමට සමත් විය.
(DE සිල්වා)








