2009 වර්ෂයේ ආරම්භ කෙරුණු THE BATTERII සංගීත කණ්ඩායම වසර 4 කට පසු නව මුහුණුවරකින් යලිත් කලඑළි බැස්සා. ඒ පසුගියදා (01) “අවසර ඉල්ලමි” සංගීත නිර්මාණයත් සමඟයි.
මෙම නව නිර්මාණය සම්බන්ධයෙන් අපි THE BATTERII සංගීත කණ්ඩායමේ නිර්මාතෘ සහ නායක ෂෙහාන් ද සිල්වා (ජීවී) ගෙන් අදහස් විමසුවා.
“ආදරයේ වැදගත්ම කොටස තමයි, ආදරය කරන්න අවසර ඉල්ලන එක. ඒ අවස්ථාවේ එකිනෙකා අතර ඇතිවන හැගීම ගැන කවුරුත් කතා කරන්නේ නෑ. ඒ හින්දා අපි ඒ ගැන කතා කරන්න හිතුවා,” ෂෙහාන් මෙම ගීතයේ මුහුණුවර අපට පැහැදිලි කළේ එලෙසයි.
THE BATTERII සංගීත කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේදී නැවත සිය නිර්මාණ කටයුතු ආරම්භ කිරීමේ සුදානමකින් පවතී. මෙම කණ්ඩායමේ සාමාජිකයින් අතර නායක ෂෙහාන් සහ ඔහුගේ බිරිඳ ඉමාෂා නයෝමි, චන්දීප ජයකොඩි, සංජේ බණ්ඩාර, ප්‍රවීන් ප්‍රනාන්දු, සහ රයන් කණ්ඩම්බි වනවා.
“අපේ උත්සාහය තමයි අන්තර්ජාතික වේදිකාවට මෙරට සංගීතය ගෙනියන එක. ඒ නිසා අපි සිංහල සිංදුවකින් වැඩේ පටන් ගන්න හිතුවා.”
මේ දිනවල “අවසර ඉල්ලමි” ගීතයේ ප්රචාරක කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවේ රැඳී සිටින ෂෙහාන්, මෙල්බන් නගරයෙදී ඉංග්‍රීසි බසින් ගීත කිහිපයක් නිර්මාණය කරන්න වැඩි අවධානයක් යොමු කරන බවයි අප සමග වැඩි දුරටත් පැවසුවේ.
THE BATTERII සංගීත කණ්ඩායමේ “අවසර ඉල්ලමි” ගීතය එළි දැක්වීම වෙනුවෙන් මෙරට ජනප්‍රිය චරිත කිහිපයක් තමන්ගේ ආදරයේදී අවසර ගත් ආකාරය ගීතයේ පුර්ව ප්රචාරක කටයුතු සඳහා යොදාගෙන තිබීමද විශේෂත්වයක්.
මේ THE BATTERII සංගීත කණ්ඩායමේ “අවසර ඉල්ලමි” නව ගීතය.
(Lakmini kooragama)