FAST NEWS

24×7 Around the Globe

ජූලි 2″ චිත්‍රපටය සැප්තැම්බර් 4 තිරගත වීමට නියමිතයි..

බොලිවුඩ් සරාගිනී නේහා ඩෘපියා ප්‍රධාන චරිත නිරූපණය කළ ජූලි චිත්‍රපටය 2004 වසරේ මහත් ආන්දෝලනයක් ඇති කළ බොලිවුඩ් සිනමා නිර්මාණයේ දෙවැනි කොටස ජූලි 2 නමින් එළිදැක්වීමට සූදානම් බව වාර්තා වෙයි.

එහි ප්‍රධාන නිළිය වනු ඇත්තේ දකුණු ඉන්දීය නිළි රායි ලක්ෂ්මි බවත් බොලිවුඩ් පුරයෙන් වාර්තා වන අතර චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත.

ජූලි 2 ද ප්‍රදර්ශනය වන්නේද සරාගී බොලිවුඩ් සිනමා පටයක් ලෙස වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ වන අතර ලබන සැප්තැම්බර් 4 වැනිදා ජූලි 2 චිත්‍රපටය තිරගත වීමට නියමිත බව පැවසේ.

(ටයිම්ස් ඔෆ් ඉන්දියා)