FAST NEWS

24×7 Around the Globe

‘අක්ෂර්‘ 2 තිරගත වන දිනය ප්‍රකාශයට පත් කෙරෙයි..

2006 වසරේ පෙබරවාරි මාසයේදී තිරගත වූ ‘අක්ෂර්‘ චිත්‍රපටයේ දෙවැනි දිගහැරුම වන ‘අක්ෂර්‘ 2 තිරගත වන දිනය පසුගියදා ප්‍රකාශයට පත් කර ඇත.

එළැඹෙන ඔක්තෝබර් 06 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිත මෙම චිත්‍රපටය සඳහා ශරිනි ඛාන්, ගෞතම් රෝඩි හා අභිනව් සුක්ලා ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙති.

ත්‍රාසය, භීතිය හා කුතහලයෙන් පිරුණු චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටයේ සරාගී දර්ශන බොහොමයක්ද ඇතුළත් කර තිබෙන බව සඳහන් වේ.