FAST NEWS

24×7 Around the Globe

සිව්වැනි තරගයේ නායකත්වය මාලිංගට…

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වන එක්දින තරගාවලියේ සිව්වැනි තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංග වෙත පවරා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිළ වශයෙන් නිවේදනය කර සිටියි.

මෙම තරගය හෙට (31) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.

එක්දින කණ්ඩායමේ නිත්‍ය නායක උපුල් තරංග තරග තහනමකට මුහුණ දීමෙන් පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමමේ නායකත්වයේ වගකිම පවරා තිබු චාමර කපුගෙදර පිටකොන්දේ ආබාධයක් හේතුවෙන් මෙම පත් කිරීම සිදු කර ඇති බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.

(DE සිල්වා)