FAST NEWS

24×7 Around the Globe

එංගන්තය පරදා කොදෙව්වෝ කඩුළු 05 ක ජයක් වාර්තා කරති..

සත්කාරක එංගලන්ත සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුළු 05 ක ජයක් ලැබීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (29) සමත් විය.

තරඟය අවසන් දිනයේ ලකුණූ 322ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායම කඩුලු 05ක් පමණක් දැවී එම ඉලක්කය පසු කිරීමට සමත් විය.

එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 258 කක් ලබා ගත් අතර පිළිතුරු වශයෙන් කොදෙව්වෝ සිය පළමු ඉනිම සඳහා ලකුණු 427ක් ලබා ගැනීමට සමත් වුහ.

එංගන්තය දෙවැනි ඉනිම සඳහා කඩුලු 08ක් දැවී ලකුණු 490ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

එ අනුව තරගයේ අවසන් දිනය තුළදි කොදෙව් කණ්ඩායමට එංගලන්ත කණ්ඩායමෙන් ලකුණූ 322 ක ඉලක්කයක් හිමී වු අතර, කොදෙව්වන් එම ඉල්කකය කඩුළු 05 ක් පමණක් දැවී සපුරා ගැනීමට සමත් විය.

එ අනුව තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රීකට් තරගාවලියේ තරග 01-01 ලෙස සම තත්වයේ පසු වීමට කණ්ඩායම් දෙකම සමත්ව සිටියි.

(DE සිල්වා)