අරනායකදී බස් රථයක් වෙල් යායකට පෙරළීමෙන් 20කට තුවාල
අරනායක, හෙම්මාතගම, දිප්පිටිය මාර්ගයේ දූල්පිටිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
පොලීසිය පැවසුවේ, පෞද්ගලික බස් රථයක් වෙල් යායකට පෙරළීමෙන් අද උදෑසන 7.00 ට පමණ අනතුර සිදුව ඇති බව ය.
තුවාලකරුවන් අතර පාසල් සිසුන් 15 දෙනෙකු ද වන බව පොලීසිය සඳහන් කළේ ය.
පොලීසිය පැවසුවේ, තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා අරනායක රෝහලට ඇතුළත් කර ඇති බව ය.








