FAST NEWS

24×7 Around the Globe

ඉන්දු, ශ්‍රී ලංකා, නවසීලන්ත තුන්කොන් ක්‍රීකට් තරගාවලියක් !

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර ඉන්දියාවේදී  තරගාවලියක් පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව ඇති බව ඉන්දීය වාර්තා පවසයි.

2017 ඔක්තෝබ‍ර් සිට දෙසැම්බර් දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට තරගාවලි නොමැති වීම හේතුවෙන් මෙම මීට අවධානය යොමු ඇති බවද සඳහන්.

ඔස්ට්‍රේලියා කණ්ඩායම ඔක්තෝබර් මාසයේදී ඉන්දියා සංචාරකනිරත වීමට නියමීත වුවද ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩකයන් අතර ක්‍රීඩක ගෙවීම් සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය මත එම තරගාවලිය පැවැත්වීම අවනිශ්චිත වීම මීට ප්‍රධානම හේතුව ලෙස වාර්තා වේ.

මෙම තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙන්ම නවසීලන්තයද  ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇති බවට වාර්තා වේ.

(DE සිල්වා)