FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට අයී.සී.යෙන් දඩ..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර ඊයේ (06) හම්බන්තොදී පැවැති එක්දින තරගයේදී ශ්‍රී ලංකාව සිය පන්දුවාර 50 නියමිත කාලය තුළදී යොමු නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට තරග ගාස්තුවෙන් 20%ක දඩයක් පැනවීමට අන්තර්ජාතික ක්‍රීකට් කවුන්සිලය කටයුතු කර තිබේ.

එසේම කණ්ඩායමේ ක්‍රීඩකයන්ටද 10%ක දඩයක් පනවා ඇත.

එසේම ඇන්ජලෝ මැතිව්ස් නායක ලෙස කටයුතු කරන තරගයකදි ශ්‍රී ලංකා කණ්ඩායම මාස 12 ක් ඇතුළත මෙවැනි වරදකට නැවත වරක් හසුවුවහොත් මැතිව්ස්ට තරග තහනමක්ද පැනවෙනු ඇත.

(DE සිල්වා)