FAST NEWS

24×7 Around the Globe

මාස 14 කට පසු ක්‍රිස් ගෙල් යළි ජාත්‍යන්තර පිටියට…

2016 වර්ෂයේදී එංගලන්තයේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් මහා තරගයෙන් (මාර්තු) අනතුරුව යළි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක් වෙනුවෙන් සිය ජාතික කණ්ඩායම නියෝජනය කිරිමේ වරම බටහිර කොදෙව් ක්‍රීකට් කණ්ඩායමේ ප්‍රවේගාත්මක ආරම්භක පිතිකරු ක්‍රිස් ගෙල් හට හිමීව තිබේ.

ජුලි 09 වැනිදා සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන එකම විස්සයි විස්ස තරගය සඳහා වු කොදෙව් සංචිතය සඳහා ක්‍රිස් ගෙල්ව ඇතුලත් කිරීමට කොදෙව් ක්‍රීකට් ආයතනය කටයුතු කර තිබේ.

එ අනුව ක්‍රිස් ගෙල් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක සඳහා සහභාගී වන්නේ මාස 14 ක පමණ කාලයකට පසු වීම සුවිශේෂිත්වයකි.

(DE සිල්වා)