FAST NEWS

24×7 Around the Globe

ඉතිරි තරග 03 සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ..

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි, සිව්වැනි හා පස්වැනි එක් දින තරග සඳහා අදාළ ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත් කර තිබේ.

එ අනුව පෙර එක්දින තරග දෙක සඳහා ඇතුළත්ව නොසිටි චාමර කපුගෙදර මෙම සංචිතයට නම් කර තිබීම විශේෂත්වයකි.

ඒ අනුව හෙට (06) සිට 10 වැනිදා දක්වා හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එක්දින තරග තුන සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙසේය.

ඇන්ජිලෝ මැතිව්ස් (නායක), උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, වනිදු හසරංග, චාමර කපුගෙදර, ලක්ෂාන් සඳකැන්, අකිල ධනංජය, නුවන් ප්‍රදීප්, ලසිත් මාලිංග, දුෂ්මන්ත චමීර, සුරංග ලක්මාල්.

(DE සිල්වා)