ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර ගාල්ල ජත්‍යන්තර ක්‍රීකට් ක්‍රීඩාගණයේදි පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 7ක ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 1-1ක් ලෙස සමකර ගැනීමට සමත් වුහ.
දෙවැනි එක්දින තරගයේදී කඩුලු 04 ක් දවාගෙන ශ්‍රී ලංකා ජයග්‍රහණයට උරදෙමින් තරගයේ වීරයාද වූ ලක්ෂාන් සඳකැන් තරගය අවසානයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් කියා සිටියේ පළමු තරගයේදී මෙන් සිම්බාබ්වේ දෙවැනි පිතිකරුවන්ට රිසි සේ පිත්ත හසුරුවන්නට ඉඩ නොදුන් බවයි.
මාස තුනකට පමණ පසු එක් දින තරගයකට සහභාගි වූ තමන්ට විශ්වසනීයත්වය අවශ්‍යව තිබූ බවත් එම මානසිකත්වය ගොඩනැඟීම සඳහා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් උපකාර කළ බවත් හෙතෙම මෙහිදි අවධාරණය කර සිටියේය.
සිම්බාබ්වේ පිතිකරුවන් ගාල්ලේදීම පැවැති පළමු එක්දින තරගයේදී දඟ පන්දු යවන්නන්ට එරෙහිව හොඳින් පහරදුන් බවත් ඒ අනුව අප වෙනස් කළ සැලසුම් සියල්ල දෙවැනි තරගයේදී සාර්ථක වූ බවත් සඳකැන් පෙන්වා දුන්නේය.
“මමත් වඩාත් හොඳින් පන්දු යැව්වා. පළමු තරගයට වඩා පන්දු රකින ස්ථාන වෙනස් කළා. ඒ වගේම අපි පන්දු යවන වේගය සහ පන්දුව පතිත කරන ස්ථානයේ වෙනසක් කළා. වෙන ලොකු වෙනසක් කළේ නැහැ. මම හැමදාම කරන විදියටම පන්දු යැව්වා. පළමු තරගයට පෙර මම අසනීප වුණා. ඒ නිසයි ක්‍රීඩාකරන්න නොලැබුණේ. ගාලු තණතීරුව ගත්තොත් කිසිම පන්දු යවන්නකුට ඉන් සහයෝගයක් තිබුණේ නැහැ. මොකද කලින් තරගයේ සිම්බාබ්වේ පිතිකරුවන් ස්විප් පහරවලින් ලකුණු ගොඩක් ලබාගන්නවා අපි දක්කා.” යනුවෙන්ද පැවැසීය.
කඩුල්ලට කෙළින්ම පන්දු යැවීම හා වේගය අඩාල කරමින් පන්දු යැවීම අපේ සෑම දඟ පන්දු යවන්නකුට තිබූ සැලසුම බව කී සඳකැන් නවක ක්‍රීඩක වනිඳු හසරංග පිළිබඳවද මෙම මාධ්‍ය හමුව තුල විශේෂ සඳහනක් සිදු කළේය
“වනිඳුට දඟපන්දු යවන්නකු සතුව තිබිය යුතු විවිධ පන්දු මිශ්‍රණයක් තියෙනවා. ඔහුගේ පළමු තරගය වුවත් හසරංගට තිබූ පීඩනය ඔහු හොඳින් කළමනාකරණය කරගත්තා. පළමු තරගයේදී ඔවුන් දඟපන්දු යවන්නන්ට හොඳින් බැට් කළා. ඒ නිසයි ඉහළ ලකුණු ප්‍රමාණයක් හඹා ගියේ. අපි මේ දිනවල වඩාත් හොඳින් පන්දු රැකීම පුහුණු වෙනවා. කලකට පසු ආපු නිසා මේ තරගයේදී මට උපදෙස් ලැබුණෙ සාමාන්‍ය ක්‍රීඩා සමාජ තරගයක් ලෙස ක්‍රීඩා කරන්න කියලයි. අයි. සී. සී. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියට මට ක්‍රීඩාකරන්න අවස්ථාව නොලැබුණේ එංගලන්ත තණතිලි දඟපන්දු යවන්නන්ට වඩාත් සහයෝගයක් නොදක්වපු නිසයි”
(DE සිල්වා)
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.