සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 5 ම ජය ගතහොත් පමණක් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්හි එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට අවස්ථාව ලැබී ඇත.
මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ලකුණු 93ක් ලබා අටවැනි ස්ථානයේ පසුවෙයි.
කෙසේ වෙතත් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක්දින තරගවලිය 5-0 ලෙස එක් ශ්‍රේණිගත ලකුණක් හිමිවන අතර මේ හේතුවෙන් දැනට ශ්‍රේණිගත ලකුණු 94ක් ලබා හත්වැනි ස්ථානයේ පසුවන බංග්ලාදේශය අභිබවා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වෙයි.
කෙසේ වෙතත් ලකුණු 95ක් ලබා හය වැනි ස්ථානයේ පසුවන පාකිස්තානය අභිභවා යෑමට නම් එළැඹෙන අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාව සංචාරක ඉන්දියානු කණ්ඩායමට එරෙහ එක්දින තරගාවලිය ජයගත යුතුව තිබේ.
(DE සිල්වා)









