FAST NEWS

24×7 Around the Globe

අනතුරට පත් බංගලාදේශ ක්‍රීඩක රාසාක්ගේ තත්වය යහපත් අතට..

පසුගිය රාමසාන් දිනයේ (26) සිය පවුලේ සමාජීකයන් සමග රිය අනතුරකට ලක්වු හිටපු බංගලාදේශ දඟ පන්දු යවන ක්‍රීඩක අබ්දුර් රාසාක්ගේ තත්වය බරපතල නොවන බවත්, සුව අතට හැරි ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

2004 වර්ෂයේ සිට බංගලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ රසාක් 2014 වර්ෂයේ අගොස්තු මාසයේ සිය අවසන් තරගය ක්‍රීඩා කරන විට එක්දින ජාත්‍යන්තර තරග 153 කට ක්‍රීඩා කර කඩුළු 207 ක් දවා ගෙන තිබුණේය.

(DE සිල්වා)