FAST NEWS

24×7 Around the Globe

ඒ.බී. ඩිවිලියර්ස් ටෙස්ට් පිටියට සමුදෙයි..

දකුණු අප්‍රිකා ක්‍රිකට් නායක 33 න් වැයැති ඒ.බී. ඩිවිලියර්ස් අගෝස්තු මාසයෙන් පසුව ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනිමට තීරණය කර ඇති බව ක්‍රීඩා වාර්තා පවසයි.

මීට ඉහතදීත් ඔහු ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කළත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත එම තීරණය කල් දැමීමට හෙතෙම කටයුතු කලේය.

කෙසේ වෙතත් ඔහු 2019 ලෝක කුසලාන තරගාවලිය තෙක් සීමිත පන්දුවාර තරග සඳහා ක්‍රිඩා කිරිමට නියමිතය.

ඔහු ටෙස්ට් තරග 106කදී දකුණු අප්‍රිකාව නියොජනය කරමින් ලකුණු 8074ක් රැස්කරගෙන තිබේ.

ඉනිමක සාමාන්‍ය 50.46ක් වන අතර ශතක 21ක් හා අර්ධ ශතක 39 ක් ඩිවිලියර්ස් ටෙස්ට් පිටියේ රැස්කරගෙන තිබේ.

(DE සිල්වා)