FAST NEWS

24×7 Around the Globe

“ජපානයේ ශ්‍රී ලංකා උලෙළ” 24 හා 25 යෝයෝගි හිදි…

ශ්‍රී ලාංකිකයන් වසරක් පාසා පවත්වන “ජපානයේ ශ්‍රී ලංකා උලෙළ” මෙවරත් මෙම සති අන්තයේදී (24දා සහ 25දා) යෝයෝගි එළිමහන් උද්‍යානයේදී පැවැත්වේ.

ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්‍රාහකත්වයෙන්, ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ පූර්ණ සංවිධායක ශක්තියෙන් 13 වැනි වරටත් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා උලෙළ මෙවරත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කර ඇති බව සංවිධායක කමීටුව පවසයි.

වෙළෙඳ කුටි සහ ප්‍රදර්ශන කුටි 100කට අධික ප්‍රමාණයකින් සමන්විත ශ්‍රී ලංකා උලෙළ ජපානයේ ජීවත් වන ලාංකික මෙන්ම ජපන් වැසියන් අතරද එකසේ ජනප්‍රිය උලෙළකි.

(DE සිල්වා)