FAST NEWS

24×7 Around the Globe

නිළි වෘත්තියේ බලපෑම හැරී – මේගන් විවාහයේ බාධාව දක්වා..

දෙවැනි එළිසබෙත් රැජිනගේ මුණුබුරු වන හැරී කුමරු සහ හොලිවුඩ් නිළි මේගන් මාර්ක්ල් අතර ඇති පෙම් සබඳකමට දැන් මාස ගණනක් ගත වී ඇතැයි සඳහන් වේ.

ඔවුන් දෙදෙනා ළඟදීම යුගදිවියට එළඹීමට තීරණය කර ඇතැයි බොහෝ මාධ්‍යවලින් සඳහන්කර ඇති නමුත් මෙම විවාහය සිදුනොවීමට ඇයගේ නිළි වෘත්තිය බලපා ඇති බව සදහන් වේ.

විවාහයෙන් පසුව නිළි වෘත්තිය අත්හැරීමට කැමති බව ඇය තවමත් සඳහන් නොකිරීම හේතුවෙන් මොවුන් දෙදෙනාගේ විවාහය දිනෙන් දින කල් යනු ඇතැයි සඳහන් වේ.

තම නිළි ජීවිතයේ උච්චතම අවස්ථාව ගත කරමින් සිටින මෙගන්, රාජකීය කුමරුවෙකුගේ ආර්යාව වන්නට පවා මැලිකමක් දක්වන බවද බොහෝදෙනා සඳහන් කරන බව වාර්තා වේ.