FAST NEWS

24×7 Around the Globe

සරේ සංගා අසාර්ථක වෙයි..

එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර නියෝජනය කරන සරේ කණ්ඩායම හා එසෙක්ස් කණ්ඩායම අතර ඊයේ (12දා) නිමාවූ තරගයේදී එසෙක්ස් කණ්ඩායමට කඩුලු 8 ක ජයක් හිමීවිය.

මෙවර තරග වාරයේ කැපී පෙනෙන දක්ෂතා දැක්වු සංගකාර මෙම තරගයේදී ආසාර්ථක වු අතර ,ඔහු පළමු ඉනිමේදී ලකුණු 4කටත් දෙවැනි ඉනිමේදී ලකුණු 26කටත් දැවී ගියේය.

පසුගිය 9 දා ආරම්භ වූ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සරේ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුනු 399ක් රැස්කිරීමට සමත්විය.

එයට පිළිතුරු ලෙස එසෙකස් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 435ක් රැස්කළේය.

නැවතත් දෙවැනි ඉනිම ක්‍රීඩා කළ සරේ කණ්ඩායම ලකුණු 288කට සීමා විය.

තරගයේ ජයග්‍රහණය සඳහා එසෙක්ස් කණ්ඩායමට ලකුණු 235ක ඉලක්කයක් හිමිවූ අතර පන්දුවා 64.2කදී කඩුලු දෙක් පමණක් දැවී ඉලක්කය පසුකර යෑමට ඔවුහු සමත්වූහ.

(DE සිල්වා)