FAST NEWS

24×7 Around the Globe

උසේන් බෝල්ට් සිය‌ මව් රට තුළ මීටර් 100න් සමුගනියි..

ලොව වේගවත්ව ධාවකයා ලෙස විරුදාවලි ලද උසේන් බෝල්ට්‌ සිය මව් රටවන ජැමෙයිකාවේදී සහභාගී වූ අවසන් මීටර් 100 ඉසව්වට ඊයේ (11දා) සහභාගී වූ අතර එහිදී ඔහු පහසුවෙන් ජය වාර්තා කර ගත්තේය.

ඒ අනුව මෙම තරගය නැරඹීම සඳහා 30,000 කට ආසන්න ප්‍රේක්‌ෂකයින් පිරිසක්‌ ජැමෙයිකාවේ කිංග්ස්‌ටන් ක්‍රීඩාංගණය වෙත පැමිණ සිටි බවට වාර්තා වෙයි.

ඔලිම්පික්‌ රන් පදක්‌කම් 8 කට හිමිකම් කියන 30 හැවිරිදි බෝල්ට්‌ අගෝස්‌තු මස ලන්ඩනයේදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියෙන් අනතුරුව සිය ක්‍රීඩා දිවියට සමුදීමට තීරණය කර තිබේ.

(DE සිල්වා)