බදුල්ල, වැලිමඩ නගරයේ ආපන ශාලාවකදී තියුණු ආයුධ වලින් පහරදී දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ, ඝාතනයට ලක්වූවන් විටින් විට එම වෙළෙඳසලට ගොස් කප්පම් ඉල්ලා ඇති බව ය.
ඒ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රි 7.45 ට පමණ දෙදෙනෙකු එම වෙළෙඳසලට ගොස් කප්පම් ඉල්ලා ඇති අවස්ථාවේදි එහි සිටි පුද්ගලයින් තියුණු ආයුධවලින් ඔවුන්ට පරදී තිබේ.








