FAST NEWS

24×7 Around the Globe

එංගලන්තයේදි සංගාගෙන් පිට පිට ශතක..

එංගලන්ත පළමු පෙළ සිවුදින තරගාවලියට සරේ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරන කුමාර් සංගක්කාර මිඩ්ල්සෙක්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී ඉනිම දෙකේදී ශතක දෙකක් වාර්තා කිරීමට සමත්ව සිටිති.

පළමු ඉනිමේදී ලකුණු 114ක් හා දෙවැනි ඉනිමේදි ලකුණු 116* නොදැවී ඔහු රැස්කරගෙන සිටින අතර අද (22දා) තරගයේ අවසන් දිනයයි.

ඒ අනුව පළමු පෙළ සිවුදින තරගාවලියේදී සිවුවැනි තරගය ක්‍රීඩා කරන සංගා ශතක හතරක් සමගින් ලකුණු 588ක් රැස්කරගෙන ඔහු සමස්ත ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවෙයි.

(ADS)