FAST NEWS

24×7 Around the Globe

IPL තරඟයේ Kolkata Knight Riders කණ්ඩායමට ජය…

IPL තරඟාවලියේ ඊයේ(28) පැවති තරඟය Delhi Daredevils කඩුලු 7 කින් පරාජය කරමින් ජයගැනීමට Kolkata Knight Riders කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Delhi Daredevils ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 160ක් ලබාගන්නා ලදි.

SV Samson හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමඟින් ලකුණු 60 ක් රැස්කලේය.

මෙම තරඟයේ Coulter-Nile ගේ පන්දුවක් හමුවේ CH Morris දැවී ගිය අවස්ථාව වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූයේ CH Morris ලබාදුන් උඩපන්දුව CR Woakes විසින් දිවවිත් විශිෂ්ඨ අන්දමින් රැකගැනීම හෙතුවෙනි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Kolkata ක්‍රීඩකයන් පන්දුවාර 16 යි පන්දු 2 කදී කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 161 රස්කරගනිමින් තරඟයේ ජය හිමිකරගන්නා ලදි.

Kolkata ජයග්‍රහණයේ නියමුවා වෙමින් G Gambhir හතරේ පහර 11 සමඟ ලකුණු 71ක් රැස්කරගත් අතර RV Uthappa ලකුණු 59 ක් රැස් කලේය.

එහිදී අරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි SP Narine දවා ගනිමින් Rabada යැවූ සුපිරි පන්දුවද ඊයේ(28) තරඟයේ බොහෝදෙනෙකුගේ අවධානයට ලක්වූ අතර තරඟයේ වීරයා වූයේ G Gambhir වේ.