FAST NEWS

24×7 Around the Globe

වෙසක් උළෙලට සමගාමීව බෞද්ධ චිත්‍රපට උළෙලක්..

ලයිට් ඔෆ් ඒෂියා පදනම නවවැනි වරටත්  පැවැත්වෙන බෞද්ධ චිත්‍රපට උළෙල මෙවරත් බුද්ධශාසන අමාත්‍යංශය හා ජාතික චිත්‍රපට සංස්ථාවේ සහයෝගීත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ‍.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 14 වැනි එක්සත් ජාතීන් ගේ වෙසක් උළෙලට සමගාමීව පිළියන්දල ඉදිවෙන ශාක්‍ය ජනපදයේ දී මැයි 10 – 14 දක්වා මෙම චිත්‍රපට උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කෙටි චිත්‍රපට, සජීවීකරණ චිත්‍රපට, විශේෂාංග චිත්‍රපට, වාර්තාමය චිත්‍රපට හා ළමා චිත්‍රපට ඇතුළු ඛාණ්ඩ කිහිපයට අයත් බෞද්ධ චිත්‍රපට මෙහිදී තිරගත වන අතර, වෘත්තිමය හා ආධුනික සිනමාකරුවන් හට සිය දස්කම් දැක්වීමට තරගකාරී අංශයක් ද මෙහි පැවැත්වේ.

මේ පිළිබඳ වැඩි විස්තර සඳහා www.buddhistfilmfestival.com වෙත පිවිසෙන්න.

(ADS)