FAST NEWS

24×7 Around the Globe

ගෑස් මීල බසී.

ඊයේ (14දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහළ දැමීමට ලිට්රෝ සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව, ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු.100/- කින් පහළ දැමෙනු ඇත.

පසුගිය ජූනි 04 වැනිදා එම සමාගමේ දී පැවති මාධ්‍ය හමුවේදී එහි විධායක සභාපති ශලීල මුණසිංහ මහතා පැවසුවේ සමාගමේ දූෂණ වංචා අනාවරණය කරගැනීමෙන් පසු තවදුරටත් ගෑස් මිල පහළ දැමිය හැකි වනු ඇති බවයි.

ඒ අනුව, කොළඹ ප්‍රදේශයට අදාළ නව මිල ගණන් මෙසේය.

කි.ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය – රු.1,496/- යි.
කි.ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය රු.632/- යි.
කි.ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරය රු.300/- යි.