FAST NEWS

24×7 Around the Globe

සෙලිනා ගෝමස්ට නිධන්ගත වූ සමේ රෝගයක්…

මෙතෙක් රහසක්ව පැවති කාරණයක් සෙලිනා ගෝමස් පසුගියදා අනාවරණය කර ඇති අතර ඇය පවසා ඇත්තේ තමන් තුළ නිධන්ගත වූ සමේ රෝගයක් පවතින බවයි.

පසුගිය වසර 16ක කාලය තුළදී තමන් මෙම රෝගයෙන් පීඩා විඳිමින් එය සුවකර ගන්නට දැඩි උත්සාහයක් දැරු බවත් ඇය එහිදී ප්‍රකාශ කර තිබේ.

සෙලිනා තමන්ගේ රෝගී තත්ත්වය හෙළිකර ඇත්තේ මීට වසර දෙකකට පෙරදීයි වන අතර සෙලීනා මෙම රෝගී තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රසංගද අවලංගු කර ඇතැයි සඳහන් වේ.

තවමත් මෙම රෝගයෙන් නිසි සුවයක් නොලබා සිටින ඇය, පසුගියදා දකුණු කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයකට මූල්‍ය දායකත්වයක් ලබා දී ඇති අතර ඒ, එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය මගින් සමේ රෝග පිළිබඳව කරනු ලබන පර්යේෂණ කටයුතු වෙනුවෙනි.

මෙවැනි සමේ රෝගයෙන් පෙළෙන්නන් සඳහා යම්කිසි බලාපොරොත්තුවක් ඇතිව සෙලීනා මේ පිළිබඳව අවධානය යොමුකර ඇති බවද සඳහන් වෙයි.