FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය නාට්‍ය රාජිත දිසානායකගේ “නැතුව බැරි මිනිහෙක්” ට

2017 රාජ්‍ය නාට්‍ය උළෙල කොළඹ නෙළුම් ‍පොකුණ රඟහ‍ලේදී පසුගිය (27) වැනිදා පැවැත්විණ.

එහිදී වසරේ හොඳම නාට්‍ය අධ්‍යක්ෂණයට හිමි සම්මානය (දිගු නාට්‍ය) නැතුව බැරි මිනිහෙක් අධ්‍යක්ෂණය කළ රාජිත දිසානායකට හිමිවිය.

හොඳම නළුවාට හිමි සම්මානය ධර්මප්‍රිය ඩයස්ට හිමි වූ අතර, හොඳම නිළියට හිමි සම්මානය එස්.අයි. සමරක්කොඩිට හිමිවිය.

2017 වසරේ හොඳම නාට්‍ය නිෂ්පාදනයට හිමි සම්මානයද නැතුව බැරි මිනිහෙක් නාට්‍යයට හිමි වූ අතර, හොඳම කෙටි නාට්‍ය නිෂ්පාදනයට හිමි පළමු තැන දිනාගත්තේ ලද ලබ නාට්‍යය නිෂ්පාදනය කළ කේ.ඒ.ජී. ආනන්ද චන්ද්‍රකුමාරයි.

(ADS)