FAST NEWS

24×7 Around the Globe

සුපිරි නළු රජිනි කාන්ත් ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීමට නියමිතයි…

දමිළ සිනමාවේ සුපිරි නළු රජිනි කාන්ත් ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කලේය.

උතුරේ දමිළ ජනතාව වෙනුවෙන් ඉදිකෙරුණු නිවාස 150ක් දමිළ ජනතාව වෙනුවෙන් ලබාදීම සඳහා ඔහු මෙසේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත වන අතර ඉන්දියාවේ ලයිකා චිත්‍රපට සමාගම විසින් පවත්වාගෙන යන ඥානම් පදනම විසින් මෙම නිවාස 150 ශ්‍රී ලංකාවේ ඉදිකර තිබේ.

අප්‍රේල් මස 9 වැනිදා යාපනයේදීත්, 10 වැනිදා වවුනියාවේදීත් පැවැත්වෙන උත්සව දෙකකදී එම නිවාස බාරදීමට නියමිත අතර ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටි 22ක පිරිවැයක් ඔවුන් දරා තිබේ.

එසේම යාපනයේ පැවැත්වෙන රැළියකදී දමිළ ජනතාව ඇමතීමටත් රජිනිකාන්ත් සූදානමින් සිටින අතර ඉන්දීය දමිළ සිනමාවේ සුපිරි නළුවෙකු වූ එම්.ජී.ආර්. ගෙන් පසුව යාපනයේ සංචාරයකට එක්වෙන පළමු සුපිරි නළුවා වන්නේද රජිනි කාන්ත්ය.