FAST NEWS

24×7 Around the Globe

ඔස්කාර් සම්මානලාභි ‘Moonlight’ පරදා ‘දැවෙන විහඟුන්’ සම්මාන ගනී..(වීඩියෝ)

 15 වෙනි ජිනීවා අන්තර්ජාතික මානව හිමිකම් සිනමා සම්මාන උළෙලේදී හොඳ ම සිනමා පටයට හිමි සම්මානය හිමිකර ගැනීමට සංජිව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහඟුන්’ (Burning Birds) සිනමා පටය සමත් විය.

මීට අමතරව තරුණ ජූරියෙන් හොඳ ම සිනමා කෘතියට පිදෙන සම්මානය ද (Young Jury Award) ‘දැවෙන විහඟුන්’ චිත්‍රපටයට වෙත හිමි වී තිබේ.

15 වන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් චිත්‍රපට උළෙල පසුගිය 10 වන දා සිට ස්විස්ට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වුණු අතර මෙහිදී ලොව විශිෂ්ට සිනමාකරුවන් ඉදිරිපත් කර තිබූ සිනමා පට අතුරින් සිනමා පට 8ක් අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේ ය.

එහිදී ඔස්කාර් සම්මානලාභි ‘Moonlight’ චිත්‍රපටයද පරාජයට පත් කරමින් ‘දැවෙන විහඟුන්’ මානව හිමිකම් සිනමා උළෙලේදී හොඳ ම චිත්‍රපටියට චිත්‍රපටය සම්මාන දිනා ගැනීමට සමත් විය.

‘දැවෙන විහඟුන්’ චිත්‍රපටය සඳහා මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී ඇතුළු රංගන ප්‍රවීණ ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් රංගනයෙන් දායක වී තිබේ.

සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටය වන ‘දැවෙන විහඟුන්’ ශ්‍රී ලංකා, ප්‍රංශ, දොහා කටාර් සහ නේදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි.

 

(ADS)