FAST NEWS

24×7 Around the Globe

බොලිවුඩ් නිළි කංගනා රනවුත් 2017 දී විවාහ දිවියට !

තමාට මේ වසර තුළදී විවාහ වීමට ඕනෑ බව සම්මානනීය ජනප්‍රිය බොලිවුඩ් නිළි කංගනා රනවුත්  ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් සඳහන් කර තිබේ.

මේ වන විට තමාට ප්‍රේම සම්බන්ධයක් බවත් “මේ අවුරුද්දේ මට විවාහ වෙන්න ඕනෙ. ගොඩක් වෙලාවට ඒක සිද්ධ වෙයි” යනුවෙන් මෙහිදි සඳහන් කර තිබේ.

මේ අතර, ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා පුවත් සේවයට අදහස් දක්වමින් ඇය පවසා තිබුණේ මීට කලින් මිනිසුන් විවාහ වන්නේ ඇයිදැයි තමාට නොතේරුණ නමුත් මේ වන විට ඇය විවාහය සම්බන්ධයෙන් ඊට වඩා වෙනස් කෝණයකින් බලා විවෘත ව සිතන බවයි.