FAST NEWS

24×7 Around the Globe

මැඩෝනා වෙත පැවරූ නිවුන් දරුවන්ගේ නවතම වීඩියෝවක් නිකුත් වෙයි… (වීඩියෝ)

මැඩෝනා වෙත අයිතිය පැවරු කළු ජාතික දරුවන් දෙදෙනාගේ නවතම වීඩියෝවක් සමාජ ජාලා වෙබ්අඩවි සඳහා නිකුත් කර තිබේ.

එම වීඩියෝවෙන් දැක්වෙන්නේ අවුරුදු 4ක් වයසැති Stella සහ Esther නම් නිවුන් දරුවන් දෙදෙනා විසින් ‘ට්වින්කල් ට්වින්කල්’ ගීතය ගයන ආකාරයයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මලාවි රටෙන් මැඩෝනා හට අයිතියට පත් මෙම නිවුන් දරුවන් දෙදෙනාගේ වීඩියෝව මැඩෝනාම විසින් රූ ගත කරන්නට ඇති බවයි.

මොවුන් දෙදෙනාගේ මෙම ගායනය සමාජ ජාලා වෙබ් අඩවි තුළ පසුගිය සති කිහිපයේ අතිශය ජනප්‍රිය වී තිබුණි.

එම වීඩියෝව පහතින්..