FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව පරදා විස්සයි 20 තරගාවලි ජය තහවුරු කර ගනී…

දෙවැනි විස්සයි-20 තරගයේදී ඕස්ට්‍රේලියාව පරදවා කඩුලු දෙකක අති විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

එ අනුව මෙම ජයත් සමගින් තරග 03 කින් සමන්විත තරගාවලිය 2-0 ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 20 කදී  ලකුණු 173 කට දැවී ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 08 ක් දැවී ලකුණු 176 ක් ලබාගත්තේය.